හැකර්කරුවන් රොඩ්නි ව විකුණයි

රොඩ්නි වර්ණකුල කියන්නේ ඔබ මා හොඳීන් දන්න හඳුනන රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු බොහොම අහිංසක සහ තමන්ගේ පාඩුවෙ ජීවත්වන චරිතයක් කියලත් ‍රොඩ්නි ළඟින් ඇසුරු කරන අප දන්නවා.
රොඩ්නි හරිම ළෙංගතුයි මූණූ පොතට.නිතරම තමන්ගේ නිර්මාණ කටයුතු පිළිබඳ ඊට ඔහු ඇතුළත් කරමින් මිතුරන්ව දැනුම්වත් කළා.
මේ මූණූ පොත නිසාම ඔහු නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. සැහැල්ලුවෙන් තිබුණු රොඩ්නිගේ මනස ව්‍යාකූල තත්ත්වයට පත්වෙලා. ඔහු ඒ කතාව මුල සිට පැවසුවේ මෙහෙමයි.
ඇත්තෙන්ම ඔයාලා තමයි පළමු වතාවට මට වෙච්ච මේ කරදරය ගැන ඇහැව්වේ.බොහොම ස්තුතියි ඒකට. මං මුල ඉඳලා කියන්නම්.
දෙදහස් දහ අටේදි තමයි මම ෆේස්බුක් එකට එන්නේ.මගේ පුතා මට එකවුන්ට් එකක් හදලා දුන්නා.මුලදි මං ෆේස්බුක් ගැන උනන්දුවක් තිබුණේ නෑ වැඩිය.පස්සේ පස්සේ මට තේරුණා මං වගේ ශිල්පියෙකුට ඒක හුඟක් වටිනවා කියලා.
අපි කරන නිර්මාණ ගැන අපේ රටේ පමණක් නොව පිට රටවල ඉන්න අය පවා දැනුම්වත් කළහැකි මේ ෆේස්බුක් හරහා.ඔය අතරේ හැක් කරනවා කියන වචනේ සහ හැකර්ලා ඉන්නවා කියලා අහලත් තිබුණා.
ඔය අතරේ මාවත් හැක් කළා.හැක් කිරීම හරියට ඉඩම් මංකොල්ලයක් වගේ දෙයක්. ඒ වගේම ගෙදරට ඇවිත් ඉන්න මිනී මැරුවා වගේ. හැක් වුණාට පසුව අත්වෙන මානසික පීඩාව…. ඔක්කෝටම වඩා ඒක දරුණුයි.කන්න බොන්න හිතෙන්නේවත් නැහැ.
ඔබ ඊට වඩා තව අකරතැබ්බයකට මුහුණ දුන්නා?
ඔව්.මගේ මුහුණු පොත හැක් කරානේ. මම දෙවැනි මගේම මූණූ පොතක් හදාගෙන පුළුවන් තරම් මගේ මිතුරන්ව දැනුම්වත් කළා. ඔය අතරේ මට ආරංචියක් ආවා මගේ පරණ මූණූ පොතට රිංගපු කෙනා මගේ නම විකුණ විකුණ සල්ලි ඉල්ලමින් මගේම ෆේස්බුක් මිතුරන්ට පණිවුඩ යවනවාලූ.
මෙහෙම පණිවුඩයක් ආව මිතුරන් දෙතුන් දෙනෙක් මට කතා කළා. මම නිරෝධනය වෙමින් ඉන්නවා, ජීවත් වෙන්න විදිහක් නෑ, කලාකටයුතුත් නෑ කියමින් තමයි අර හැකර් මැසේජ් යවලා තියෙන්නේ.
රුපියල් දාහක් දෙදහක් වගේ ඉල්ලනවලූ. මාව දන්න මගේ හිතවත් අය දන්නවා මම ඔහොම හිඟා කන්නේ නැති විත්තිය.
මම ගැන නොදන්න ඒත් මට ආදරේ කරනා අයෙකුට ඔය පණිවුඩය ගිහිල්ලා නම් ඔවුන් රොඩ්නි වර්ණකුල නමින් දාහක් දෙදහක් අර හැකර්ට දීලා තියෙන්නත් පුළුවන්. මේ හරහා හරි දැනුම්වත් වෙලා රොඩ්නි වර්ණකුල නමින් කාටවත් සල්ලි දෙන්න එපා කියලා මම මේ වෙලාවේ කියනවා.
ඔබ නීතිමය ක්‍රියා මාර්ගයක් ගත්තේ නැද්ද?
නීතිමය ක්‍රියා මාර්ග අරන් තියෙන්නේ. මටත් වඩා ඉහළ තනතුරු දරන අයගේ ෆේස්බුක් ගිණුම් මීට පෙර ඔහොම හැකර්වරුන්ට හසු වුණානේ. එතකොට නීතිය හරියට ක්‍රියාත්මක කළා සේම මටත් සාධාරණයක් වේවි කියල මා හිතනවා.
ප්‍රසාද් සමරතුංග | සරසවිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….