උඩවලව ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණයි

උඩවලව ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණක් බව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, මේ වන විට එහි අක්කර අඩි 5000 ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි.සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ඊයේ (12) නිකුත් කෙරුණු ජල ධාරිතාව අක්කර අඩි 2300 ක්.

ඒ අනුව වම් ඇළ හරහා මයුරපුර සහ සූරියවැව ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ජලය නිකුත් කෙරිණි.දකුණු ඇල හරහා සඳුදා දක්වා අගුණුකොළපැලැස්සට ජලය නිකුත් කෙරෙන බව, මහවැලි අධිකාරිය සඳහන් කළේ ය.

Related posts