ඒඩ්ස් ආසාදනය සියයට 13 කින් වැඩිවෙයි

ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේ දී සියයට 13 කින් වැඩි වී ඇතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගී වෙමින් වාසුදේව නානායක්කාර මේ බව කිවේය.

රටේ ජන ජීවිතයට මෙම තත්ත්වය තදින් බලපාන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමුකරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

“අපි අයවැය බජට් ඔෆිස් ගැන කතා කරමින් ඉන්නවා.අනෙක් පැත්තෙන් ඒඩ්ස් වැඩි වෙලා යැයිද වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

Related posts