ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීම්

corona-omicron

චීන ජනගහනයෙන් වැඩි පිරිසකට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත. ඔවුන්ගෙන් වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදයයි. ඊට අමතරව තවත් ඔමික්‍රෝන් උප ප්‍රභේද තුනක් චීනයේ ව්‍යාප්ත වෙයි.

‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලොව රටවල් රැසක කොවිඩ් 19 ආසාදිතයන්ගේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ ද එක්ස්.බී.බී.1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය හේතුවෙනි.

ඇමෙරිකාව, ඉන්දියාව, සිංගප්පූරුව ආදී රටවලින් ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය වාර්තා වී තිබේ.

‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණු බවට වෛද්‍ය පර්යේෂකයන් අනතුරු අඟවා ඇත්තේ එම උප ප්‍රභේදය ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව සිරුරේ ඇතිවන ප්‍රතිදේහවලට ප්‍රතිරෝධයක් දැක්වීමය.

Related posts