කොළඹ වරායට CCTV පද්ධතියක් සවි කිරීමට අනුමැතිය

කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළුවන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් හා වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි   CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කිරීමට කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

එම ස්ථානවල සිදුවන සියලුම ක්‍රියා නිරීක්ෂණය වීම, අධීක්ෂණය වීම හා පටිගත වීම යන අරමුණු ඇතිව මෙම කැමරා පද්ධතිය සවි කිරීමට නියමිතය.

 

Related posts