කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්

කොළඹ සරසවියේ  ආපනශාලාවකදී ඇති වූ ගැටුම පිළිබඳව පාලනාධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ආපනශාලාවක් තුළදී නවකවදය සිදුවීමක් මුල්කර ගනිමින් ඇති වූ ගැටුමකින් තුවාල ලැබු සිසුවෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඒ සම්බන්ධයෙන් සැකපිට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts