ගුවන් සේවකයෝ අවම රු. 33,000ක වැටුප් වර්ධකයක් ඉල්ලති

වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තව ත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවකයින්ගේ විරෝධතාවක් (ජූලි 19) පෙරවරුවේ පැවැත්විණි.

මෙම විරෝධතාවට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000 ක පමණ පිරිසක් එක් වී සිටි බව සදහන් වෙයි.

සියලු ම වැටුප් තලවල ගුවන් තොටුපොළ සේවකයින් වෙත අවම වශයෙන් රුපියල් 33,000ක වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ.ඩී.එස්.ප්‍රියන්ත මහතා පැවසීය.

Related posts