ජනපතිගේ පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම අද

slparli

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ‍අද (26) දිනයේ කැඳවා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව  ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙයයි.

හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.

Related posts