ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍ය අවභාවිතාව ගැන සිවිල් සංවිධාන පැමිණිලි කරයි.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් අද දින ජනාධිපතිවරණයේ මාධ්‍ය අවභාවිතාව පිළිබඳව  පැමිණිල්ලක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දෙන ලදී.

මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ යම් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හා ඇතැම් අපේක්ෂකයන් අගතියට පත් වන ආකාරයට සිය විකාශන කටයුතු සිදු කිරීම මගින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට දරුණු ලෙස බාධා එල්ල වන බවයි.

මේ සඳහා සමන් රත්නප්‍රිය, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, පිලිප් දිසානායක, රාජා උස්වැටකෙයියාව, කුමුදුනී සැමුවෙල් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගී විය.

 

Related posts