ජලය ඒකක 15 ට වැඩි නම් ජල ගාස්තු ඉහළ නැංවන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බවත් ජලය සැපයීමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.