නානුඔයේ දී මාරක රිය අනතුරක්

accident

නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ මාරක රිය අනතුරක් සිදුවී තිබේ. ඒ, විනෝද චාරිකාවක් සඳහා පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනි.

බස් රථයෙහි තිරිංග තද නොවීම මත, පහළ බෑවුම දෙසින් ආ වෑන් රියෙහි ගැටී, බස් රිය විසි වී ගොස්, වෑන් රියට පසුපසින් ආ ත්‍රිරෝද රථයක ද ගැටී මාර්ගයේ එක් පසෙක ඇති ප්‍රපාතයට පෙරළී ගොස් තිබෙනවා.

මෙලෙස බස් රථය පෙරළී ඇත්තේ මීටර් 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ගැන මෙතෙක් නිශ්චිත ව තහවුරු වී නැති බව  ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරයි.

Related posts