නෙළුම් කුලුනේ පළමු දිනයේ ආදායම මිලියනය ඉක්මවයි

නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බවය.

නෙළුම් කුලුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටී.

සතියේ දිනවල පස්වරු 2සිට රාත්‍රී 11 දක්වාත්, සති අන්තයේ දහවල් 12 සිට රාත්‍රී 12 දක්වාත් නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

Related posts