පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණයේ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවක් වටලයි

පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ෂණ ඒකකය සමත්විය.

මෝදර ප්‍රදේශයේ තිබු ගබඩාවේ තිබි ප්‍රමිතියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000ක් සොයා ගන්නා ලදි.

එමෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කර තිබු ආනයනික සව් කිලෝ ග්‍රෑම් 15000ක් ද මෙහි තිබි සොයා ගන්නා ලදි.

ආනයනය කළ පපඩම් තොගයක් සහ පරිභෝජනයට නුසුදුසු සුදු ලූණු විශාල ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ. අලෙවිකරන බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සදහන් කර නොතිබිණ. ආහාර තොග ගබඩාවට මුද්‍රා තැබු පාරිභෝගික අධිකාරිය සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලදි.

Related posts