පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව

අද දිනයේ සිට කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු නොකළ යුතු අතර පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත්  කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ කාර්යාල හැර අනෙක් මැතිවරණ කාර්යාල ද අද දිනය තුළ ඉවත් කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය.

මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, එලෙස ප්‍රචාරක දැන්වීම් ඉවත් නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

Related posts