ප‍්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයකට අත්සන් තබයි

එළැඹෙන ජනාධිපතිවරණය ප‍්‍රචණ්ඩත්වයෙන් හා පොලිතීන් භාවිතයෙන් තොරව පැවැත්වීම සහතික කර ගැනීම උදෙසා මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද (15) මාතලේ ඔරලෝසු කණුව අසලදි සිදු කෙරුණි.

මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ, මෙම අත්සන් ගැනීමේ වැඩසටහන සදහා මාතලේ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුලූ දේශපාලන පක්ෂ රැසක දේශපාලඥයින් මෙම මහජන පෙත්සමට අත්සන් තැබීය.

මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලබා දිමට නියමිතව ඇත.

හේවා පී කරුණාරත්න -මාතලේ

Related posts