මකුණන් බිත්ති පුරා දිවයන අපේ ජාතික අක්ෂි රෝහල

ජාතික අක්ෂි රෝහල පුරා ඇඳ මකුණන් බෝවී තිබීමෙන් නේවාසික රෝගීහු බරපතල අපහසුතාවන්ට පත්ව ඇති බව සදහන් වේ.

රෝහලේ ඇඳන්වල පමණක් නොව ජනෙල් රෙදිවල ද මකුණන් විශාල වශයෙන් බෝවී තිබෙනු දැකිය හැකි වූ අතර රාත‍්‍රී කාලවල දී මකුණන් බිත්ති පුරා දිවයන අන්දම ද දැකිය හැකි විය. ඇඳන්වල ඇති මෙට්ටවල කවර තුළ මකුණන් පොකුරු වශයෙන් රැඳී සිටින බව ද පෙනී ගිය අතර බොහෝ නේවාසික රෝගීන් මකුණන් දෂ්ඨ කිරීමෙන් නින්ද නොමැතිව සිටින බව පැවැසූහ.

ජාතික අක්ෂි රෝහලේ ඉතා දුර බැහැර සිට පැමිණ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් ද සිටින බැවින් මේ පිළිබඳව ඉක්මණින් සොයා බලන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව ද නේවාසික රෝගීහු පිරිසක් පැවැසූහ.

Related posts