ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ භූමි කම්පාවක් සිදුව තිබේ.
මඩකලපුවට කිලෝමීටර් තුන්සියයක් ඔබ්බෙන් වූ මුහුදේ සිදුව ඇති මෙම භූමිකම්පාව රික්ටර් මාපාංක ඒකක 4.6 ක ප්‍රබලත්වයෙන් යුතුය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරන්නේ මෙම කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බවයි.