මස් අළෙවිසැල් සහ ඝාතනාගාර වැසෙයි

mus

අද දිනයේ සිට ලබන 18 වෙනිදා දක්වා නැගෙනහිර මස් පිණිස ගවයින් සහ එළුවන් ඝාතනය කරනු ලබන ස්ථාන සහ මස් අළෙවි සැල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා තබන ලෙස පළාත් ආණ්ඩුකාරවරිය විසින් උපදෙස් ලබාදී ඇත.

පසුගිය දින කිහිපයේදී ඇතිවූ ශිත කාලගුණයත් සමග නැගෙනහිර පළාතේ ගවයින් සහ එළුවන් විශාල සංඛ්‍යාවක් හදිසියේ මිය යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වුවද කුකුල් මස් අළෙවි සැල් සඳහා මෙම නීතිය බලනොපැවැත් වේ.

Related posts