මීරිගම අඹේපුස්ස අතර දුම්රියක් නවතී

dailyreporter

ප්‍රධාන මාර්ගයේ මීරිගම හා අඹේපුස්ස අතර කාර්යාල දුම්රියක් අද(13) උදේ කාර්මික දෝෂයකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කාර්යාල සේවකයින්, පාසල් සිසුන් හා සෙසු මගීන් දැඩි අසීරුතාවයකට පත් විය.

කාර්මික දෝෂයට ලක්වූ එම දුම්රිය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව ද දුම්රිය පාලක මැදිරිය පවසයි.

Related posts