රාජිත අසනීපෙන් – රෝහලේ ගත කෙරේ

rajithe

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙරේදා දිනයේ ද කොළඹ හා බේරුවල පිහිටි සේනාරත්න මහතාගේ නිවාසවලට ගිය ද ඔහු එම නිවාසවල ඔහු නොසිටියේ ය.

Related posts