ලක්ෂ48ක් නොමැතිව පිළිකා රෝහලේ ලයිට් කපලා

pilika

රුපියල් ලක්ෂ 48ක බිලක් නොගෙවීම හේතුවෙන් මහනුවර පිළිකා රෝහලේ විදුලිය සැපයුම විසන්ධි කිරීම නිසා එහි ප්‍රතිකාර කටයුතු නතරවීමෙන් රෝගීන් බරපතළ ගැටලුකාරී තත්වයකට මුහුණදී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

තමාට මේ සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරයකු දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමා සෞඛ්‍ය ඇමැතිවරයාට පෞද්ගලිකවම දුරකතනයෙන් කතා කර ප්‍රශ්නය දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය හේතුවෙන් රේඩියම් ප්‍රතිකාර ඇතුළු බොහෝ කටයුතු නතරවී ඇතැයිද කිරිඇල්ල මහතා පැවසූවේය.

Related posts