වැඩිහිටි දීමනා ලබන්නන්ට සුබ පණිවුඩයක්

වකුගඩු ආබාධයෙන් පෙළෙන, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා ලබන සිකුරාදා (සැප්. 1) සිට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

එක්ස්හි ( ට්විටර්) සටහනක් තබමින්  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර ඇත.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, ජූලි මාසය සඳහා වන වකුගඩු රෝගීන්ගේ දීමනාව, ආබාධිත දීමනාව සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව සඳහා රුපියල් මිලියන 2684ක් භාණ්ඩාගාරයෙන් සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබා දී ඇති බව ය.

වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා ලබා ගැනීමට පොරොත්තු ලේඛනයේ සිටින සියලු දෙනාට අස්වැසුම ය‍ටතේ එම දීමනා ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ඇති බව ත් එම ප්‍රතිලාභ ලැබීමට දැනට බලාපොරොත්තු නාමලේඛනයේ සිටින 35, 000ක් දෙනාට මෙම දීමනාව ලබා නියමිත ය.

මුදල් රාජ්‍ය ඇමති වැඩිදුරට ත් සඳහන් කළේ, ජූලි මාසයේ වැඩිහිටි දීමනාව, තැපැල් කාර්යාල මගින්ද, ආබාධිත සහ වකුගඩු දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද, ලබන සිකුරාදා සිට ලබා ගත හැකි බව ය.

Related posts