වැල්ලවාය නගරයේ තවත් සුළු භූ කම්පනයක්

earthque

වැල්ලවාය ප්‍රදේශයේ අද (11) තවත් සුළු භූ කම්පනයක් සිදු වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, අද අලුයම 3:48 පමණ එම කම්පනය සිදු වී ඇති බව ය.

එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී ඇති බව ද එම කාර්යාංශය පැවසීය.

වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශය එහි අපි කේන්ද්‍රය ලෙස සටහන් වී තිබේ.
මේ අතර, ඊයේ (පෙබ. 10) දිනයේ ද බුත්තල-වැල්ලවාය ප්‍රදේශයේ භූ කම්පන දෙකක් සිදු වුණු අතර ඉන් එකක් රික්ටර් මාපක 3ක් ලෙසත් අනෙක් භූ කම්පනය රික්ටර් මාපක 2.4ක් ලෙසත් සටහන් වී තිබිණි

එහි අපිකේන්ද්‍රය ලෙස සටහන් වී තිබුණේ, පැලවත්ත සීනි කම්හල ආසන්න ප්‍රදේශය ය.

Related posts