විදේශයන් සමග ගිවිසුම් අත්සන් නොතබන්නැයි ජනපති ලේකම්ගෙන් උපදෙස්

සියලු අමාත්‍යංශ පූර්ණ හා අර්ධ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සහ පළාත් සභා වෙත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු විශේෂ චක්‍රලේඛයක් මගින් විදේශීය රාජ්‍යයන් සහ ආයතන සමග සෘජු එකඟතා හෝ අවබෝධතාවන් සහිත ගිවිසුම්වලට එළැඹීමෙන් වළකින ලෙස ජනාධිපති කාර්යාලය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

ගිවිසුමකට එළැඹීමේ අවශ්‍යතාවක් ඇත්නම්, එම කටයුතු විදේශ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ මහබැංකුව යන ආයතනවල අනුදැනුම සහ අනුමැතිය යටතේ අවතීර්ණ විය යුතුයැයිද ජනාධිපති ලේකම්වරයා ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති චක්‍රලේඛයේ දැක්වා තිබේ.

Related posts