ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 46ක ආධාරයක්

japan

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 46ක මානුෂීය ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබේ.

ඊට අදාළ ලියකියවිලි හුවමාරු අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් එම ලියකියවිලි හුවමාරු කර ගෙන තිබේ. ඒ යටතේ රට පුරා ඇති රජයේ රෝහල් සඳහා ඩීසල් ලීටර් මිලියන 20ක් බෙදාහැරීමට නියමිතයි.

Related posts