ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට

අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ.

චීනයේ හුබෙයි පළාතෙන් ලංකාවට පැමිණ සිටි ඇය පසුගියදා (25)කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වූ අතර ඇය සම්බන්ධයෙන් කළ වෛරස් පරීක්ෂණයෙන් ඇයට වැළඳී ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරස් ආසාදන තත්වය බව තහවුරු කර ගෙන ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ මොහොතේ මාධ්‍ය හරහා ඉල්ලා සිටින්නේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැනට ගනු ලබන ක්‍රියාමාර්ග නිසා කලබල නොවන ලෙසයි.

Related posts