සමත් නැති ගොඩට දැමූ පහේ 146 ඉහළින්ම පාස්

ol-exam

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4823 දෙනකු වශයෙන් සිසුන් 25157 දෙනකු ඉල්ලුම් කර තිබූ බවද අමිත් ජයසුන්දර මහතා කීය.

Related posts