සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි

රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බවට ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එම කොමිසම පැවසුවේ ඊට අදාළ විර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇති බවය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මෙම පෙත්සම ගොනු කර තිබුණි.‍

Related posts