ගෑස් මිල අද අඩුවෙයි

gas

ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ගෑස් මිල ගණනය කරන මිල සූත්‍රයට අනුවයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මුදලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇති බවයි.

මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෑස් මිල අඩු වන ආකාරයේ අද දිනය තුළ දැනුම්දෙන බවද ලිට්රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවා.

Related posts