අනවශ්‍ය බියක් ඇති කර නොගන්නැයි අගමැති ජනතාවගෙන් ඉල්ලයි

mahinda

කොවිඩ්-19  වෛරසය ව්‍යාප්තිය අවම කිරීම සදහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ජනතාවගේ පූර්ණ සහාය අවශ්‍ය බවත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වෛරසය පාලනය සදහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෑමවිටම සත්‍ය තොරතුරු ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර පැතිර යන බැවින් අවබෝධයෙන් කටයුතු කළයුතු බවයි මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ.

කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හදුනාගැනීමත් සමග ගුවන් තොටුපොල ආරක්ෂක තත්ත්වය තවත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Related posts