අනුරාධපුරයට වකුගඩු හා පිළිකා රෝහලක්

වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් යුද හමුදාවේ මුලිකත්වයෙන් රෝහලක් ඉදිකිරීමට නියමිතය. අනුරාධපුර, මිහින්තලය ප්‍රදේශයේදී මෙම රෝහල ඉදිකරයි.

ඔස්ට්‍රේලියානු ශාන්ති පදනමේ මූල්‍ය දායකත්වයෙන් හා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම රෝහල ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා මුල් ගල් තැබීම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පෙරවරුවේ දී සිදුකිරීමට නියමිතය.

Related posts