අනුරාධපුර කඩ සාප්පූ වැසෙයි

closed

පවතින කොවිඩ් වෛරස අවදානම හමුවේ අනුරාධපුර නගරයේ කඩ සාප්පු අද(19දා) දිනයේ සිට මේ මස (25දා) දක්වා තාවකාලිකව වසා දැමීමට අනුරාධපුර එක්සත් වෙළද සංගමය අතුළු අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ අනුව අනුරාධපුර නගරයේ කඩ සාප්පු බොහොමයක් අද (19දා) සිට (25දා) දක්වා ස්වේච්ඡාවෙන් වසා දැමීමට තීරණය කර තිබේ.ඊට අමතරව උප නගර වන නාච්චාදූව මැදවච්චිය තඹුත්තේගම එප්පාවල යන නගරන්ද තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන තිබේ.

අත්‍යවශ්‍ය කාර්යකට හැර අනුරාධපුර නගරය ඇතුළු උපනගර වලට නොඑනා ලෙස එම සංගම් ප්‍රදේශයේ ජනතාව ගෙන් ඉල්ලීමක්ද කරයි.මෙම සංගම් නගරය වසා දැමීමට තීරණය කර ඇතත් රජය මගින් ඇදිරි නීතිය හෝ ලොක් ඩවුන් කිරීමක් සිදුකළ හො හැරෙන්නට කඩ සාප්පු වසා නොදමන බව ඔවුන් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts