අමුඩ මන්ත්‍රී සත්‍යග්‍රහයක

ගොවි ගැටළු සම්බන්ධයෙන් අදහස් පලකරන ගොවි නායකයින් මර්දනයට හා මාධ්‍ය මර්දනයට එරෙහි වන බව කියමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ආර්.එම් අනුර බණ්ඩාර මහතා (අමුඩයා මන්ත්‍රී) අමුඩයෙන් සැරසි මහවිලච්ය පේමඩුව හන්දියේ පිහිටි බස් නැවතුමක වහලය මත නැගී ඊයේ (12දා) උදෑසන සත්‍යග්‍රහයක නිරතවිය.

වර්ථමාන රජය මගින් රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය ආනයන කිරීම අත්හිටුවීම ඒ සම්බන්ධයෙන් හඩක් නගන ගොවි නායකයින් වෘත්තිය සමිති නායකයින් හා මාධ්‍ය මර්දනය කරනා බව කියමින් මන්ත්‍රීවරයා බස් නැවතුවේ වහලය මතටවි සත්‍යග්‍රහය ඇරඹීය.එහිදි කථා කළ හිටපු මන්ත්‍රී අනුර බණ්ඩාර මහතා.

අපි මේ රජය බලයට පත්වෙද්දි විශාල සහන රැසක් ලැබෙයි කියලා හිතුවත් අද වෙනකොට ගොවිජනතාව අන්ත අසරණ බවට පත්වෙලා ඉන්නේ.මහවිලච්චියේ ගොවි ජනපදයේ විතරක් නෙමෙයි රටේ හැම පළාතකම ගොවින් අන්ත අසරණ වෙලා පොහොර ටික කෘෂි රසායන ටික නැතුව.අස්වනු බාල වෙලා ගොඩ මඩ දෙකේම අස්වැන්න ගන්න බෑ.

ඒ වගේම පිටරට වලින් මුං ඇට උදු කව්පි තල ඇතුළු ධාන්‍ය අනායනය කිරීමෙන් ගොවින්ට අස්වැන්න දෙන්න වෙලා තියෙන්නේ තුට්ටුවට දෙකට.ඉන්දන මිල ඉහළ ගිහිල්ලා ජීවන වියදම ඉහළට ගිහිල්ලා.

මේවා ගැන කථා කරන ගොවි නායකයන් අත්අඩංගුවට ගන්නවා.මේවා ගැන කථා කරන වෘත්තිය සමිති නියෝජිතයන් අත්අඩංගුවට ගන්නවා.මාධ්‍ය නිහඩ කරන්න උත්සහ කරනවා.ඊට විරෝධය දැක්විමක් තමයි මේ සත්‍යග්‍රහය කරන්නේ.මම වර්ථමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති පුටුවේ තියන්න ශ්‍රී මහ බෝධිය ආසන්නයේ සිට කොළඹට අමුඩයෙන් සැරසිලා පාගමනින් ගිය ගොවි පුතෙක්.

එම පාගමනින් පසුව මහින්ද මහත්තයා රටේ ජනාධිපතිවරයා වූ පසුව රුපියල් 350ට පොහාර මිටිය ගොවියාට ගන්න හැකි වුණා.මේ රජය පත්වීමත් සමග නොමිලේ තියා මුදලටවත් පොහොර මිලදි ගන්න විදියක් නෑ.ඒ නිසා රජය ජනතාවගේ පැත්තෙන් හිතලා කටයුතු කරන්න ඕන යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේය.

පැයකට ආසන්න කාලයක් ඔහු සත්‍යග්‍රහයේ නිරතවෙමින් සිටියදි සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා ස්ථානයට පැමිණි අතර සත්‍යග්‍රහයේ නිරතවු හිටපු මන්ත්‍රීවරයා සමග ඔහු සාකච්ඡාවක නිරත විය.අනතුරුව ඔහු සත්‍යග්‍රහය අවසන් කළේය.

එම ස්ථානයට පැමිණි මන්ත්‍රීවරයාත් ආණ්ඩුවේ ක්‍රියා කළාපය දෝෂ දර්ශනයට ලක් කළේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

 

Related posts