අඹගමුවේ ගතවු පැය 24 තුලදි කොවිඩ් ආසාදිතයන් 75ක්

corona

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු  ගිය දිනවලදි ගන්නා ලද අහඹු හා පසු ගිය දිවලදි හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ පලමු පෙළ ආශ්‍රිතයන්ගේ පි. සි. ආර්. වාර්ථා කොටසක් ලැබිමත් සමග මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය.

මෙම නව කොවිඩ් ආසාදිතයන් හැටන්, වටවල, ලක්ෂපාන, පොල්පිටිය, කෙනිල්වර්ත් යන ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts