භාණ්ඩ මිල පහත හෙලන ලෙස බලකරමින් අරලගංවිල දී උද්ඝෝෂණයක්

badumila

පොහොර ටික කලට වේලාවට ලබා දෙන ලෙසත් ඉන්ධන මිල ඇතුළු අහස උසට නැග ඇති භාණ්ඩ මිල පහත හෙලන ලෙසත් බලකරමින් ජාතික ජනබල වේගයේ පාක්ෂිකයන් පිරිසක් ඊයේ (27) දහවල් අරලගංවිල නගරයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ හ.

ජාතික ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන් මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේතුංග යන මහත්වරු ද මෙම විරෝධතාවට එක්ව සිටිය හ.

“කලට වේලාවට පොහොර ටික ලබා දෙන ලෙසත් ඉන්ධන මිල වහා අඩු කරන ලෙසත් ඔවුහු මෙහි දී ආණ්ඩුවට බලකර කියා සිටිය හ.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts