ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය

covid infections today

ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වියහැකි බවට වෛද්‍යවරුන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පියවර නොගතහොත් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇති බව ඇය පෙන්වා දෙයි.

මේ අතර ඩෙල්ටා ප්‍රභේදය රටපුරා පැතිර ඇත්දැයි සොයා අහඹු නියැදි පරීක්ෂාවන් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.

මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාවගේ ක්‍රියකලාපය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ආසාදිතයින් සම්බන්ධ දෛනික තොරතුරු මත පදනම්ව ඉදිරි තීරණ ගන්නා බවයි.

Related posts