ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර මීට සුළු වේලාවකට පෙර ගොඩ ගෙන තිබේ.

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෙලෙස මෙම දේහය ගොඩ ගෙන තිබේ.

නුවරඑළිය මහෙස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගය පරිදි අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ දැරියගේ සිරුර ගොඩගත් බව වාර්තා වේ.

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතය.

Related posts