ඉෂාලිනිගේ සිද්ධියට අදාල වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙසට උද්ගෝෂණ

kadurata

හිටපු ඇමති වත්මන් පාර්ලීමේන්තු මංත්‍රි රිෂාඩ් බදුන්දින් මහතාගේ නිවසේදි පිලිස්සි මිය ගිය මෙහෙකාර දැරියගේ මරණය සම්බන්දයෙන් පරික්ෂන කඩිනම් කර අදාල වැරදිකරුවන්ට දැඩි දඩුවම් පමුනුවන ලෙසට කාන්තාවන් පිරිසක් 29වන දින හැටන් නගරයේදි උද්ගෝෂනයක් පවත්වන ලදි.

කදුරට ජනතා ඉඩම් අයිතිය සදහාවු ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් මෙම උද්ගෝෂනය සංවිධානය කර තිබුනි.

මෙහිදි මෙම උද්ගෝෂකයන් පවසන්නේ ඩයගම පදිංචි ඉෂාලිනි ජුඩ් කුමාර් නැමති දැරිය රිෂාඩ් බදුන්දින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි ගිනි ඇවිලිමෙන් මිය ගොස් ඇති බවත් එම දැරිය විවිධ අප්‍රයෝජනයන්ට ලක්ව ඇති බවට වෛද්‍ය වාර්ථාවලින් හෙලිව ඇති බවත්ය.

එමෙන්ම මෙම දැරිය එම නිවසේ මෙහෙකාර සේවය සදහා ලබා ගෙන ඇත්තේද බාල වයස්කාරියක් ලෙස බවත් බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයට තබා ගැනිමද දඩුවම් ලැබිය හැකි වරදක් බවත්ය.

එම තත්වයන් මත මෙම දැරියගේ මරණය පිලිබදව වීශේෂ අධිකරන කටයුත්තක් ලෙස සලකා මේ පිලිබදව කඩිනමින් නඩු විභාගයක් පවත්වා අදාල වැරදි කරුවන්ට උපරිම් දඩුවම් ලබා දිමට පියවර ගතච යුතු බවද එම උද්ගෝෂකයන් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts