ඊසී කෑෂ් ක්‍රමයට මත් ද්‍රව්‍ය බෙදා හැරි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අල්ලයි

heroin

කාලයක් තිස්සේ හෙරෝයින් හා අයිස් මත් ද්‍රව්‍ය ඊසී කෑෂ් ක්‍රමයට පොලොන්නරුවේ තරුණයින් අතර බෙදා හැරි බව කියන කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් ද සමග පෙරේදා (12) දා සවස අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුට ගෙන ඇත්තේ පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයේ කාන්තාවක් හා තවත් පුද්ගලයින් තිදෙනෙකි.මොවුන් විසින් ඉතාමත් සංවිධානාත්මකව සූක්ෂම අන්දමින් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගනිමින් පොලොන්නරුව,හිගුරක්ගොඩ,මැදිරිගිරිය,ගිරිතලේ ,ජයන්තිපුර,මනම්පිටිය වැනි ප්‍රදේශවලට හෙරෝයින් ඇතුළු මත් ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට තොරතුරු ඇති බව ද පොලිසිය කියයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලොන්නරුව ප්‍රදේශය භාර ජ්‍යශ්ඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත පොලොන්නරුව පොලොන්නරුව කොට්ටාශ දූෂණ මර් දන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.ජාගොඩ ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කොට්ටාශ මත් ද්‍රව්‍ය නාශක කාර් යංශයේ පො.ප.ප්‍රදීප් කුමාර මහතා ඇතුළු කොට්ටාශ මත් ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් පිරිසක් විසින් වැටලීම සිදු කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පොලොන්නරුව පොලිසිය හා කොට්ටාශ මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් සිදු කෙරේ.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts