කඩවත කොස්තාපල්ගේ ඝාතනයට බන්ටි අත්අඩංගුවට

arrest search

කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටි නැමති සැකකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් බන්ටි නැමැත්තා, මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ඔහු සමග ඝාතනය සඳහා යොදා ගත් කඩු දෙකක්, ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සුද්දා නැමති සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණේ පොලිස් කොස්තාපල්වරයා සමඟ අනියම් සබඳතා පැවැත්වූ තම ලොකු අම්මාගේ උපදෙස් මත මෙම ඝාතනය සිදුකළ බවයි.

 

Related posts