කළු සාගරගේ ගෝලයන් අල්ලයි

arrest search

රු. ලක්ෂ 60ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ බත්තරමුල්ල හීනටිකුඹුර ප්‍රදේශයේදී සැකකරුවෙකු හා සැකකාරියක තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සතුව තිබුණු මෝටර් රථයක්, ජංගම දුරකථන 05ක්, ඉලෙක්ට්‍රොනික තරාදි 03ක්, මුදලින් රු.7500ක් සහ බැංකු කාඩ් 02ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ජයරත්න ගමගේ අමිල රුවන් ප්‍රදීප් කුමාර නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාරිය ශ්‍රී වර්ණසිංහ පරමාඩිගේ දිනේෂිකා නිරෝෂි නමැති 34 හැවිරිදි තැනැත්තියකි.

නො.716 B මාදින්නාගොඩ රාජගිරිය යන ලිපිනයේ තාවකාලිව පදිංචි වී සිට ඇති අතර ඇයගේ ස්ථිර පදිංචිය සඳහන්අව ඇත්තේ ම්බලන්ගොඩ නෝනාගම ප්‍රදේශයේය.

ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙන කළු සාගර සහ ඔහුගේ බිරිඳ විසින් සැකකරුවන් මෙහෙයවා ඇත.

තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

Related posts