කාන්තාවන්ගේ මාල කඩා වැඩ වරදී

malakada

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි බස් රථවල  ගමන් කරන කාන්තාවන්ගේ මාල කැඩිමේ නිරතරව සිටි පුද්ගලයකු හැටන් මුලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. බි. පලිපාන මහතා පවසන ලද්දේ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි මාලවක් කැඩිමක් පිලිබදව පුද්ගලයකු අත් අඩංගුවට ගත් බවත්ය.

මෙසේ අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35ක් පමන වයැසැති පුද්ගලයකු බවත් මෙම පුද්ගලයා කඩන ලද රන් මාලය සමග අත් අඩංගුවට ගත් බවත් මෙම පුද්ගලයා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත්ය.

එමෙන්ම මෙම පුද්ගලයා සමග තවත් පිරිසක් මෙම අවුරුදු සමය තුලදි විවිධ සොරකම් සදහා මෙම ප්‍රදේශයට පැමින ඇතිද යන්න පිලිබදව සොයා බලන බවත් කෙසේ වුවද මෙම උත්සව සමය තුලදි මෙම ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts