කොරෝනා ආසාදිතයින් ගණන 7 දක්වා ඉහළට – සැකකරන 103ක් රෝහල්වල

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ඒ මහත්මිය මේ බව බව පැවසීය.

කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට සැක කරන 103 දෙනෙකු මේ වනවිට රෝහල්වල සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts