කොරෝනා මදිවට බබර ප්‍රහාර

babara

දික්ඔය ඇන්පිල්ඩ් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ලවු බබර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 08 දෙනකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලට ඇතිලත් කර ඇත.

මෙම වතු කම්කරුවන් පිරිස එම වතුයායේ 16වන දින සවස් කාලයේ සේවය කරමින් සිටින විටදි එම වතුයායේ රුස්ස ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම පිරිසට පහරදිම් සිදු කර ඇති බව එම වතුයායේ කම්කරුවකු පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බබර ප්‍රහාරයෙන් තුවාල ලැබු තුවාලකරුවන්ගේ තත්වයන් බර පතල නොවන බවත් එම තුවාලකරුවන් අතරින් 05 දෙනකු තව දුරටත් රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts