කොරෝනා මරණ 1500 සිමාව පසු කරයි

coronadeath

කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (1) තහවුරු කළේය.තහවුරු කළ කොවිඩ් මරණ 43 අතරින් 7 දෙනෙකුගේ මරණ සිදුව ඇත්තේ, නිවෙස්වලදී ය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1527 ක් දක්වා ඉහළ ගියේය.

ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) නව ආසාදිතයින් 654දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 2,877ක් හඳුනාගත් අතර, ඉන් ආසාදිතයින් 31 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි අය වේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 646ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 281ක් වාර්තා වී තිබේ.

අනෙක් ආසාදිතයින් 1,264 දෙනා සෙසු දිස්ත්‍රික්ක 22 වාර්තා වී තිබේ.

 

Related posts