කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබයි

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ 43 හැවිරිදි චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඇය රෝහලින් පිටවී කටුනායක ගුවන්තොටුපොළින් අද දිනයේම චීනය බලා යාමට නියමිතයි.

ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සියලු පරීක්ෂණවලදී ඇගේ ශරීරයේ කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වූ බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

Related posts