කොවිඩ් ආසාදිතයන් 9609 ඉහලට

corona1

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසු ගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 49 දෙනකු හමුවිමත් සමග මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 9609 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

16 වන දින සවස ලැබුන වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශවන අඹගමුව ආසාදිතයන් 07ක්, හගුරන්කෙත ආසාදිතයන් 06ක්, කොත්මලේ ආසාදිතයන් 01ක්, ලිදුල ආසාදිතයන් 09ක්, මස්කෙළිය ආසාදිතයන් 04ක්, නුවරඑළිය ආසාදිතයන් 15ක්, රාගල ආසාදිතයන් 03ක්, වලපනේ ආසාදිතයන් 04ක් වශයෙන් හමුව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ හමුවු නව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් කොවිඩ් ආසාදිත සමස්ථ මරණ 191ක් මේ වන විට මෙම දිස්ත්‍රික්කයෙන් වාර්ථාවි ඇති බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts