කොවිඩ් 19 ගැන බොරු ප්‍රචාර කලොත් වැඩවරදී

කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මේ වන විට සංසරණය වෙමින් පවතින බවත් පොලීසිය සඳහන් කරයි.

කොවිඩ් 19 ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කරයි.

Related posts