කෝවිඩ් ආසාදිතයන් චීනය මරා දමන බවට පළවන වීඩියෝ අසත්‍යයි

චීනය කෝවිඩ් -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ ආකාරයට චීනයට ද්වේෂ සහගත ලෙස පහර දීම තරයේ හෙළා දකින බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙ දැක්වෙයි.

වෛරසයේ  උප්පත්තිය වන හුබෙයි පළාතට උපකාර කිරීම සඳහා එම පළාතට වෛද්‍ය වෘත්තිකයන් 11,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බවද තානාපති කාර්යාලය පවසයි.

මේ වසංගතයට එරෙහිව සටන් කිරීමට චීනයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාව සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරනවා” යැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts