ගතවු පැය 24ක කාලයකදි නුවරඑළියෙන් ආසාදිතයන් 162ක්

coronavirus news

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලයකදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 162ක් හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 6122ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දින කිපයක් තුලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා මත ගතවු පැය 24ක කාලයක් තුලදි මෙම නව කොවිඩ් ආසාදිතයන් හදුනා ගෙන ඇති බවත්ය.

මෙම නව කොවිඩ් ආසාදිතයන් මස්කෙළිය, නුවරඑළිය, අඹගමුව, නව තිස්පනේ, වලපනේ, රාගල, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හදුනා ගෙන ඇති බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිම පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 85ක් වන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts